ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා සතු ලාෆ්ස් ගෑස් සමාගම දිගින් දිගටම පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරමින් සිය ගෑස් මිල ගණන් නැවත වතාවක් ඉහළ දමා ඇත.
ජාත්‍යන්තර වෙළඳපොළේ LP ගෑස් මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් යැයි කියමින් එම සමාගම අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තම කිලෝග්‍රෑම් 12.5 සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,965 සිට රුපියල් 6,740 දක්වා වැඩි වී ඇත. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 1,988 සිට රුපියල් 2,720 දක්වා වැඩි වී තිබේ.
ජාත්‍යන්තර වෙළඳපොළේ LP ගෑස් මිල ඉහළ යාම නිසා ශ්‍රී ලංකාවට ගෑස් තොග ගෙන්වා ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව එම සමාගම ප්‍රකාශ කරන අතර තම අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයුමක් ලබා දීමට උපරිම උත්සාහයක් ගන්නා බවද ප්‍රකාශ කරයි.
එහෙත් පසුගිය මාස තුනක පමණ කාලයක් මෙම ගෑස් සමාගම පාරිභෝගික අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙළඳපොළට ගෑස් නොසපයා සිටි අතර ඊට ආණ්ඩුව හෝ පාරිභෝගික අයිතිය සුරැකීම වෙනුවෙන්ම ගොඩනගා තිබෙන පාරිභෝගික අධිකාරිය ද මාස දෙකක් පමණ යන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
ලාෆ්ස් ගෑස් අර්බුදය පිළිබඳව අප කලින් ලියූ ලිපි මෙතැනින් කියවන්න.
පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..!
ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව




