K News

Trending Now

නවතම

foriegn employment knews (2)

රටවිරුවන්ට අලුත් විශ්‍රාම වැටුපක් 

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කුවේට් අරමුදලෙන් රුපියල් බිලියන 2.1ක මූල්‍ය ප්‍රතිපාදන සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මිලියන 1.7ක් වන විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් දැනට පවතින ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබන්නේ 307 දෙනෙකු පමණක් බැවින් මෙම ප්‍රතිසංස්කරණ කඩිනම්ව සිදු කළ

රටවිරුවන්ට අලුත් විශ්‍රාම වැටුපක්  Read More »

AKD in Anuradhapura - knews

සහල් වෙළෙඳපොළ බියර්වලටත් ඇරේ 

ගෘහස්ත පරිභෝජනයට අමතරව බියර්, සත්ත්ව ආහාර සහ වෙනත් අගය එකතු කළ නිෂ්පාදන සඳහා ද දේශීය සහල් යොදා ගැනීමට රජය තීරණය කර ඇත.  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. ආහාර නොවන නිෂ්පාදන සඳහා සහල් භාවිත කිරීම මීට පෙර තහනම් කර

සහල් වෙළෙඳපොළ බියර්වලටත් ඇරේ  Read More »

copf harsha 1200px

වීසා සහ ඊ-ගමන් බලපත්‍ර ගිවිසුම ගැන COPF වාර්තාව පාර්ලිමේන්තුවට

 ටිරාන් අලස් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදුවුණ මාර්ගගත වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර (e-Passport) අයදුම් කිරීමේ සේවා බාහිර පාර්ශ්වයකට ලබාදීම ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (කෝෆ්) වාර්තාව පසුගිය 12 වෙනිදා එම කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එහිදී සභාව අමතමින් විවිධ අභියෝග සහ විරෝධතා මධ්‍යයේ මෙම වාර්තාව ඉදිරිපත් කරන බව

වීසා සහ ඊ-ගමන් බලපත්‍ර ගිවිසුම ගැන COPF වාර්තාව පාර්ලිමේන්තුවට Read More »

lrt project sri lanka cancelled knews

සැහැල්ලු දුම්රිය එන්නේ නෑ – ඇමති බිමල්

යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඉඟි කළේය. “අපි මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. එහි පිරිවැය සහ භාවිත කරන මගීන් සංඛ්‍යාව සීමිත වීම සැලකිල්ලට ගැනීමේ දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ප්‍රායෝගික නොවන බව පෙනී ගොස් තිබෙනවා. මේක ඵලදායී ව්‍යාපෘතියක් නොවෙයි කියලා අපි තීරණය කර තිබෙනවා,”

සැහැල්ලු දුම්රිය එන්නේ නෑ – ඇමති බිමල් Read More »

meegamuwa bandanagaraya knews saka marana

මීගමුවෙන් මාරු කළ රැඳවියන් 3කට සැකසහිත මරණ

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පසුව එහි සිට වැලිකඩ, බූස්ස සහ අඟුණුකොළපැලැස්ස යන බන්ධනාගාර තුන වෙත යොමු කළ රැඳවියන් අතර සිටි තිදෙනෙකු සැකසහිත ලෙස මරණයට පත් වී ඇති බව වාර්තා වෙයි. වැලිකඩ දී ඝාතනයට ලක් වූ පුද්ගලයා මීගමුව බන්ධනාගාර ගැටුමේ එක් පාර්ශ්වයක ප්‍රබලයෙකු බව වාර්තා වන අතර, බූස්ස බන්ධනාගාරයේ දී මිය ගිය පුද්ගලයා ද එම කණ්ඩායමේ තවත්

මීගමුවෙන් මාරු කළ රැඳවියන් 3කට සැකසහිත මරණ Read More »

meegamuwa bandanagaraya knews

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වූයේ පරිපාලන වරදින්

පසුගිය 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුම ස්ථිරව සමථයකට පත් නොකර, 6 වැනිදා වැලිකඩින් ගෙන්වන ලද බන්ධනාගාර පොලිස් නිලධාරීන්, නිරායුධව ‘පීටී’ (PT) ඇඳුමෙන් මීගමුව බන්ධනාගාරය තුළට යැවීම, ඒ සමඟ ඇති වූ තත්ත්වය මැඩපැවැත්වීමට අවශ්‍ය අණදීම යුහුසුලුව සිදු නොවීම ආදී බොහෝ පරිපාලන දුර්වලතාවයන් නිසා බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුට දිවි අහිමි වූ බවත්, එම

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය වූයේ පරිපාලන වරදින් Read More »

knews yasara yoshitha

බැඳලා අපි ඔය ගෙදරට යන්න හිටියේ – යෝෂිතගේ හිටපු පෙම්වතිය සාක්ෂි දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අතර එහිදී සී.එස්.එන් රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ යසාරා අබේනායක කියා සිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් විවාහයෙන් අනතුරුව ප්‍රශ්නගත නිවස වෙත පදිංචියට

බැඳලා අපි ඔය ගෙදරට යන්න හිටියේ – යෝෂිතගේ හිටපු පෙම්වතිය සාක්ෂි දෙයි Read More »

knews 1

ව්‍යාජ මත්පැන් බෝතල්වලට ඇත්ත ස්ටිකර් ආවේ කොහොමද? සීඅයිඩීය සොයයි

මෑතකදී මාලඹේ ප්‍රදේශයෙන් සොයාගත් විශාල ව්‍යාජ මත්පැන් බෝතල් තොගයක, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ආරක්ෂිත ස්ටිකරය අලවා තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය දා මාලඹේ, සුදර්ශන මාවතේ පිහිටි නිවසක් වටලා දේශීය මත්පැන් සන්නාමයක් යටතේ පුරවා තිබූ මත්පැන් ලීටර් 3,345 ක් අඩංගු කාලේ බෝතල් 18,575 ක් අත්අඩංගුවට ගනු ලැබූ අතර

ව්‍යාජ මත්පැන් බෝතල්වලට ඇත්ත ස්ටිකර් ආවේ කොහොමද? සීඅයිඩීය සොයයි Read More »

74e90eab1a2ccdea6bc6360411bf5dbc

93 මිනීමැරුමට යුක්තිය

වසර 32කට කාන්තාවක් ඝාතනය කිරීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමකට අදාළ නඩුවක චූදිතයන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) මරණ දඬුවම නියම කළේය.  පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරයා ප්‍රකාශ කරන ලදි. මෙසේ මරණ දඬුවම නියම වූයේ පී.ඒ.කේ. නිශාන්ත කුමාර, ඉෂාඩ් මෝසස්, රොහාන්

93 මිනීමැරුමට යුක්තිය Read More »

178357598988592648

බෝගම්බර යළි හිරේට

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නිල වශයෙන් බන්ධනාගාරයක් ලෙස රජය විසින් යළි නම් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මේ පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන තිබේ. මෙම ගැසට් නිවේදනයත් සමඟ පැරණි බෝගම්බර පරිශ්‍රය බන්ධනාගාර

බෝගම්බර යළි හිරේට Read More »