K News

Trending Now

නවතම

wasanthakarannagoda knews

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගෙන බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණුවකට යැවීම පිළිබඳව විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගෙන තිබේ. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමටත් ප්‍රථම බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ පුහුනුවට යැවීම සඳහා සැලසුම් කිරීම, යෝෂිත

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට..! Read More »

50549c53090217193274a8dff736d781

කාදිනල් ගැන යන ප්‍රචාර සත්‍යයෙන් තොරයි..!

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය උපයෝගී කරගනිමින් තමන්ගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන් සහ ප්‍රධාන ලේකම් ඇන්ටන් රංජිත් පිල්ලෙනායගම් රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ

කාදිනල් ගැන යන ප්‍රචාර සත්‍යයෙන් තොරයි..! Read More »

el nino

එල් නිනෝට මූණ දෙන්න කමිටුවක්

ශ්‍රී ලංකාව මේ වන විට ‘එල් නිනෝ’ කාලගුණික අවධියකට ඇතුළු වී ඇති බැවින් ඉදිරි මාසවලදී දැඩි කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඒ අනුව, ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 63% ක සහ දුර්වල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 33% ක සම්භාවිතාවක් පවතින බවයි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න

එල් නිනෝට මූණ දෙන්න කමිටුවක් Read More »

kazkhstan knews

පිරිපහදු තෙල් කසකස්තානයෙන්..!

ලංකාවේ පිරිපහදු කළ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය දැක්වීමට කසකස්තානය කැමැත්ත පළ කර තිබේ. වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ කසකස්තාන තානාපති සර්ජි වික්ටොරොව් මහතා අතර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම, පිරිපහදු කළ ඉන්ධන ලබාගැනීම මෙන්ම සංචාරක සහයෝගීතාව නැංවීම කෙරෙහි ද මෙහිදී විශේෂ

පිරිපහදු තෙල් කසකස්තානයෙන්..! Read More »

medicine

ඔසු හිඟයි – රෝගීන් අනාථයි

රජයේ සහ පෞද්ගලික අංශයේ පවතින උග්‍ර ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ හිඟය නිසා අසරණ වී සිටින්නේ පොදු ජනතාවයි. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් වෙනුවෙන් සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකට වඩා වැඩි පිරිවැයක් ගෙවීමට රෝගීන්ට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය චමල් සංජීව

ඔසු හිඟයි – රෝගීන් අනාථයි Read More »

world bank

ලංකාව නැවතත් මැදි ආදායම් ලබන රටක්

ලෝක බැංකුවේ 2026-2027 නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් “ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක්” ලෙස ලැයිස්තුගත වීමට සමත්ව තිබෙනවා. 2019 වසරේදී ද ලංකාව මෙම මට්ටම අත්පත් කරගත්ත ද, පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතයෙන් පසු උද්ගත වූ අර්බුද හේතුවෙන් විදේශ ණය ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා විය. ඉන් වසර තුනක් වැනි කෙටි කලක් ඇතුළත මෙවැනි

ලංකාව නැවතත් මැදි ආදායම් ලබන රටක් Read More »

dehiwala zoo 90th anniversary knews

නයිල් හිපෝ පැටවාට නමක් කියන්න ..!

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 90 වැනි සංවත්සරයට සමගාමීව, මෑතකදී උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනාගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ නයිල් හිපපොටේමස් පැටවා සඳහා පාසල් දරුවන්ගෙන් නම් යෝජනා කැඳවීම ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම සංවත්සර උළෙල 2026 ජූලි 03 වැනිදා පැවැත්වෙන අතර, මහජනතාවගේ දැඩි ආදරයට පාත්‍ර

නයිල් හිපෝ පැටවාට නමක් කියන්න ..! Read More »

sugeeshwara bandara knews

සුගීශ්වරට අදත් ඇප නෑ..!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර හට අදත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, ඔහු ලබන ජූලි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත. අද (01) විභාගයට ගත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත්තේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ගොනු කළ ඇප ඉල්ලීම පිළිබඳ සිය තීරණය ද

සුගීශ්වරට අදත් ඇප නෑ..! Read More »

suresh sally knews

සලේ උපවාසය අතහැර ඇති බව වාර්තා වෙයි..!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ සිය උපවාසය අතහැර ඇතැයි වාර්තා වෙයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනයන් වලින් සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉවත් විය යුතු යැයි කියමින් හිටපු බුද්ධි ප්‍රධානියා ආහාර වර්ජනයක නිරත වූ අතර ඔහු දිගින් දිගටම සීඅයිඩීයට චෝදනා කළේ තමන්ට වධහිංසා පමුණුවන බවයි. සිය නීතිඥයාගේ උපදෙස්

සලේ උපවාසය අතහැර ඇති බව වාර්තා වෙයි..! Read More »

whatsapp knews

WhatsApp; Username හඳුන්වා දෙයි..!

WhatsApp, පරිශීලකයන් බොහෝ කාලයක් බලාපොරොත්තු වූ Username විශේෂාංගය නිල වශයෙන් හඳුන්වා දීමට සූදානම් වී තිබේ. මෙම නව විශේෂාංගය හරහා පරිශීලකයන්ට තම දුරකථන අංකය අනෙක් පුද්ගලයන්ට හෙළි නොකර සම්බන්ධ වීමට සහ තම පැතිකඩ බෙදා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. WhatsApp ගිණුමක් ආරම්භ කිරීම සඳහා තවදුරටත් දුරකථන අංකයක් අවශ්‍ය වන නමුත්, නව සම්බන්ධතා ඇති කරගැනීමේදී දුරකථන අංකය හෙළි

WhatsApp; Username හඳුන්වා දෙයි..! Read More »